බෝධිරාජ විද්‍යාලය

පළාත් බාලක ත්‍රෝබෝල් ශූරතාවයේ පළමු ස්ථානය දිනා ගැනීම

බාලදක්ෂ සංගමයේ ජයග්‍රහණ

IMG-20221007-WA0010.jpeg
IMG-20221007-WA0010.jpeg

01. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය.02. පෙ.ව. 7.25 ට පෙර පාසල් පරිශ්‍රයේ සියලුම පිරිසිදු කිරීම් අවසන් කර තැබිය යුතුය.
03. සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම තම පරිහරණයයෙන් පසු වැසිකිලි කැසිකිලි පවිත්‍ර ව තබා ගැනීමට වග බලා ගත යුතුය.
04. පාසල් කාලය තුළ පාසලෙන් බැහැරව යන්නේ නම් දෙමාපියන්ගේ ලිඛිත ඉල්ලීම මත විදුහල්පතිගේ පූර්ණ අවසරයක් ලබාගත යුතුය.
05. නිළ ඇඳුම පාසලේ ප්‍රමිතීන්ට අනුව සකස් විය යුතුය.(දැනුවත් කර ඇත)
06. පාසල් සිසුන්ට අහිතකර වන නවීන තාක්‍ෂණික මෙවලම් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු අතර (අසැබි ඡායාරූප, වීඩියෝ පට, සීඩී තැටි, ඩී.වී.ඩී තැටි, පෙන් ඩ්‍රයිව්, ජංගම දුරකථන ආදිය) රැගෙන විත් හමුවුවහොත් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගනු ලබන අතර තාක්ෂණ මෙවලම් ආපසු ලබා නොදේ.
07. පාසල් පැවැත්වෙන දිනයන්හි දී පාසලට නොපැමිණෙන ළමුන් පසු දින අනිවාර්යයෙන්ම සිසු ප්‍රගති වාර්තා පොතෙහි දෙමාපියන්ගේ අත්සන සහිත ව නොපැමිණීමට හේතුව සටහන් කර පන්තිභාර ගුරුභවතාට පෙන්වා අත්සන් කර ගත යුතුය.
08. පාසල් නිළ ඇඳුමට නොගැළපෙන කිසිම විලාසිතාවකින් සැරසී පාසල් භූමියට නොපැමිණීමට වග බලාගත යුතුය.
09. පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් පාසලට පැමිණෙන සෑම අවස්ථාවක ම පාසල් නිළ ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.
10. අධ්‍යයන කාලය තුළ කිසිම හේතුවකට අවසරයකින්
තොරව පන්තියෙන් බැහැරට යා නොහැක. අවශ්‍යතාවයකට අවසර පත්‍රයකින් පන්තියෙන් බැහැරට යා හැක්කේ සිසුන් දෙදෙනෙකුට පමණි. ඒ සඳහා පන්තියේ රැඳී සිටින ගුරු භවතාගෙන් අවසර ගත යුතුය.
11. ප්ලාස්ටික්, පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය පාසලට ගෙන ඒමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුය.